IMBS හරිත සරසවියේ අභිමානවත් 22 වන උපාධි හා ඩිප්ලෝමා ප්රදානෝත්සවය ජුනි 23 වන දින බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී අතිඋත්කර්ශවත් අන්දමින් පවත්වන ලදී.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය හා හිටපු උපකුලපති මහාචාර්ය නාරද වර්ණසුරිය මැතිතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර IMBS හරිත සරසවියේ සභාපති මහාචාර්ය සරත් අමුණුගම මැතිතුමා ඇතුළු අධ්‍යයන මණ්ඩල හා පාලක සභා සාමාජිකයින් වන මහාචාර්ය රංජිත් විජේවර්ධන, මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල, ගෝඨාභය ජයරත්න, ශාමිණි අත්තනායක යන අය හා කොළඹ නාලන්දා විද්‍යාලයේ ගරු විදුහල්පති ඉරාන් චම්පික ද සිල්වා, දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී රශාඩ් අහමඩ්, අචාර්ය කිත්සිරි මංචනායක යන අය විශේෂ ආරාධිත අමුත්තන් ලෙස සහභාගී විය .
මෙම ප්රදානෝත්සවය පළමු සැසිය හා දෙවන සැසිය ලෙස සැසි 02කින් සමන්විත වූ අතර සිසුන් 1300 දෙනෙකු සදහා උපාධි හා ඩිප්ලෝමා ප්රදානය කරන ලදී.
We were honoured to have Professor Narada Warnasuriya, Emeritus Professor and former Vice-Chancellor of the University of Sri Jayewardenepura, as the Chief Guest of this prestigious occasion.
The event was further graced by distinguished guests including Professor Sarath Amunugama (Chairman – IMBS Green Campus ), members of the Academic Board and Governing Council Professor Ranjith Wijewardene, Professor Daya Rohana Athukorala, Gotabaya Jayaratne, Shamini Attanayake, and Honorary Principal of Nalanda College, Colombo – Iran Champika de Silva, along with CEO of the Distance Learning Center Rashad Ahmed and Professor Kithsiri Manchanayake.
A memorable celebration of academic excellence, leadership, and achievement at IMBS Green Campus.