19th Convocation Ceremony of the IMBS Green Campus – 01st Session

IMBS හරිත සරසවියේ අභිමානවත් 19 වන උපාධි හා ඩිප්ලෝමා ප්රදානෝත්සවය ඔක් 27 වන දින බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී අතිඋත්කර්ශවත් අන්දමින් පවත්වන ලදී.
 
කොළඹ විශ්ව විද්යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය H.D කරුණාරත්න මැතිතුමන් ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර පේරාදෙණිය විශ්ව විද්යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය, ශ්රී ලංකා ඉංජිනේරු ආයතනයේ හිටපු සභාපති, ග්රාමීය මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්යංශයේ හිටපු ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක මැතිතුමන් සම්භාවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
 
IMBS හරිත සරසවියේ සභාපති මහාචාර්ය සරත් අමුණුගම මැතිතුමා ඇතුළු අධ්යයන මණ්ඩල හා පාලක සභා සාමාජිකයින් වන මහාචාර්ය රංජිත් විජේවර්ධන, මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල, මහාචාර්ය උදය කුමාර කොස්ගොල්ල, ගෝඨාභය ජයරත්න, ශාමිණි අත්තනායක යන අය සහභාගී වූ අතර , තෘතියීක අධ්යාපන කොමිෂන් සභාවේ හිටපු සභාපති ආචාර්ය උදේනි වික්රමසිංහ , කොළඹ නාලන්දා විද්යාලයේ ගරු විදුහල්පති ඉරාන් චම්පික ද සිල්වා මැතිතුමන් යන අය විශේෂ ආරාධිත අමුත්තන් ලෙස සහභාගී විය.
 
මෙම ප්රදානෝත්සවය පළමු සැසිය හා දෙවන සැසිය ලෙස සැසි 02කින් සමන්විත වූ අතර සිසුන් 1281 දෙනෙකු සදහා උපාධි හා ඩිප්ලෝමා ප්රදානය කරන ලදී!

Leave a Reply